“කොටකෙතනේ මවක් ඝාතනය කළ පුතා අත් අඩංගුවට”
- පුවතක් -
පෙම්වතියගේ
පෙම් පහස විඳින්නද සුදු පුතේ
කාසි
පනම් ඉල්ලලා එල්ලුණේ මගෙ ගතේ
සතයකුදු
නොමැත පුත දෙන්න අද මයෙ අතේ
කියූවත් දැනුණේ නෑ දුක නුඹට මගෙ හිතේ
ලේ කිරට
හරවලා පෙව්ව හැටි පොඩි වියේ
නැතිද
සිහි වුණේ අද රත්තරන් පුත මයේ
ඒ ලෙයම
උණු වෙවී වැගිරුණා මගෙ ළයේ
මවට තිබු
නුඹේ සෙනේ කොහෙද පිටමං ගියේ
පෙම්වතුන්
හට ලොවේ එක් දිනක් වෙන් වුණේ
ඒ දිනට
මදි වුණිද නුඹට මගේ මව් සෙනේ
උකස් කර
මව් සෙනේ පෙම්වතුන්ගේ දිනේ
නුඹ
අතින් මැරෙන්නද මගේ ඉරණම වුණේ
තුන්
හිතකවත් පුතේ දුකක් නෑ අසාපන්
මතු
මතුත් මගෙම රන් පුතා වී ඉපදියන්
නුඹ
පියෙක් වුණු දිනක මව්ගෙ ගුණ ගයාපන්
මේ කරපු
පව් කන්ද ඉක්මනින් ගෙවාපන්
-විජිතා
ජයතුංග-
dukaaaaaaaaaaaaaaaaaai
ReplyDeleteHm....
Delete