පන්හිඳට පිවිසෙන්නන්

Saturday, May 13, 2017

වෙසක් පොහොයේ වැදගත්කම

අසිරිමත් වෙසක් පොහොය වර්ණනාව

ලෝ සතුන් අපමණ දුක් හිරිහැර විඳිමින් ගත කළ ඒ දුක්බර ජිවිතයට සැනසුම උදාකර ඔවුන් සසර සයුරින් එතෙර කිරීමේ මහා කරුණාවෙන් යුතු වූ අප මහා බෝසතාණන් උතුම් වූ බුද්ධ රාජ්‍යයට පත් වී වදාළ වෙසක් පුන් පොහෝ දිනය බෞද්ධ අපට ඉතාම වැදගත් දිනයකි. මෙදින වූ අසිරිමත් සිදුවීම් රාශියකි. මෙයින් සාරා සංක්‍ය කල්ප ලක්ෂයකට පෙර සුමේධ තාපසව සිටියදී දීපංකර සම්බුදු රදුන් හමුවේදී බුද්ධත්වයට පත්වීම පිළිබඳ පළමු නියත විවරණය ලැබුවේ වෙසක් පුන් පොහෝ දිනකය. 

කපිලවස්තු පුරයෙහි පාලක ශාක්‍ය වංශික සුද්ධෝධන රජතුමාගේ අග බිසව වූ මහමායා දේවිය කුසින් ලුම්බිණි සල් වනයේදී බෝ සතුන් බිහිවීමේ අසිරිමත් වීම වුයේද වෙසක් පුන් පොහෝ දිනකය. බෝසතුන් අභීත සිංහ නාදය පැවැත් වූයේ ද වෙසක් පෝ දිනකය. බුද්ධත්වයට පත් වීමත් සමග ඇති වූ මහත් ප්‍රීතිය ප්‍රකාශ කරමින් අනේක ජාති සංසාරං ආදී උදාන වාක්‍ය ප්‍රකාශ කළේද වෙසක් පොහෝ දිනයේය. සියලු සංස්කාර ධර්මයෝ නැසෙනසුලු බවත්, එබැවින් නොපමාව කුසල් දහම්හි හැසිරෙන ලෙසටත් වදාරා මල්ල රජදරුවන්ගේ උපවර්තන සල් උයනේදී පිරිනිවන් පා වදාළේ ද වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේදීය.


බෝසතුන් සමග මෙලොව එළිය දුටු තවත් කිහිප දෙනෙකි. එනම් යශෝදරා දේවිය, කන්ථක අශ්වයා, කාලුදායි ඇමති මෙන්ම ජය ශ්‍රී මහා බෝධිය සහ සතර මහා නිධානය පහල වීම යනාදියයි. එපමණක්ද නොව සිංහල බෞද්ධ අපටද වෙසක් පොහොය ඉතාමත් වැදගත් වන්නේ ලාංකීය ඉතිහාසයේ සුවිශේෂ සිද්ධි බොහොමයක් වෙසක් පොහොය හා බැදී පවතින නිසාවෙනි. ඒ අතරින් බුදුන් වහන්සේගේ තෙවැනි ලංකා ගමන සිදු වුයේ වෙසක්  දිනකය. එමෙන්ම විජයාවතරණය, රුවන්වැලිසෑයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සිදු වුයේද මෙම උතුම් පොහෝ දිනයේදීය.

No comments:

Post a Comment