ප්‍රේමය නම් කිමැයි . . .
මානවයාගේ ආරම්භය
සිදු වූ දින පටන්ම ප්‍රේමයද ඇරඹි බව සිතිය හැකිය. කිතු දහමට අනුව සර්ව බලධාරී දෙවියන් වහන්සේ ලෝකය නිර්මාණය කර එහි පැවැත්මට
ආදම් සහ ඒවා මවා ඇත. එසේ නම් ඔවුන්ගෙන් පටන්
මෙලොව ප්‍රේමය පවතිනවා යැයි සිතිය හැකිය. ලෝකයේ උත්තරීතරම පෙම්
යුවළ කව්රුන්දැයි සැකයක් නැත. සිදුහත් යශෝදරා යන
උත්තරීතර පෙම් යුවළ තරම් ආත්මීය බැඳීමක් තිබූ පෙම්වතුන් මතුවටවත් පහළ නොවනු ඇත. එය කලන්දක කුළේ සිටම පැවත ආ ප්‍රේමයකි. මිනිස් තිරිසන් ආදී වූ සෑම ආත්ම භවයකදීම පෙමින් බැඳුන ඔවුන් අවසන සිදුහත් - යශෝදරා නමින් නෑනා මස්සිනා ලෙසින් උපන්නාහ. පිරිණිවන් පෑ මොහොතේ ලෝකෝත්තර සමුගැනිමකින් එකී පෙම නිමා විය. සාහිත්‍ය තුළ පෙම්වතුන්
බොහොමයක් පිලිබඳ තොරතුරු හමු වේ. මිනිසුන් පමණක්ම නොව දෙවි දේවතාවුන් ලෙසින්
වන්දනාවට පත්වන පෙම්වතුන් බොහෝය. ඒ අතරින් රාධා-ක්‍රිෂ්ණා, රාම-සීතා පිළිබඳ කතා නොකරම
බැරිය.
(රාධා - ක්‍රිෂ්ණා)
රාධා - ක්‍රිෂ්ණා පෙම් පුවත සංස්කෘත සාහිත්‍යයට අයත් ශ්‍රී ජයදේව නමැති ඍෂි වරයා රචනා කළ ගීත ගොවින්දයේ එන්නකි. රාධා හිමාලයේ ජීවත්වන රූමත් තරුණියකි. ක්‍රිෂ්ණා ගොපළු තරුණයෙකි. ඔහු කාළ වර්ණයෙන් යුතු රූප ස්වභාවයෙන් අනූන අයෙකි. මොවුන් දෙදෙනා අතර ඇතිවන ප්‍රේමය කායික ඇසුරක් දක්වාම යන්නකි. ටික කලකින් ක්‍රිෂ්ණ ගෝපිකාවන් සමග ඇසුරට වැටීම නිසා රාධා ඔහුගෙන් මිදී දුකින් කාලය ගත කරයි. දෙදෙනාම තමන් විඳි කාම සම්භෝගයන් තනි තනිව මෙනෙහි කරමින් විරහ පෙම්වතුන් ලෙස ජිවත් වෙයි. ඔවුන් දෙදෙනාම එකිනෙකාට පරාජය වීමට තිබූ අකමැත්ත නිසාවෙන් එය දරාගෙන සිටියි. අවසන ගොපළු කාන්තාවන් මැදිහත් වී නැවත ඔවුන් එකතු කරයි. ගීත ගෝවින්දය අවසන් වන්නේ හිමාලයේ යමුනා ගංගාව අසල හෝපලු වනයක රමණය කිරීමේ සිද්ධියකිනි.
“හිම දිය වී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා
සුදු පෙන කැටි බලන්න රාධා
සුළඟ හමයි සිතල සාදා
සිතල ගිනි ගනියිද ක්‍රිෂ්ණා. . .”
රාමා සිතා පෙම් පුවතද භාරතීය සාහිත්‍යයේ එන ඉතා රසවත් පෙම් පුවතකි. ලංකේශ්වර රාවණා රජු සීතා දේවිය පැහැර ගත් පසුවත් ඇය තම සැමියා නමින් පතිවෘතා දහමෙහි පිහිටියාය. රාවණ රජු ඇය විවාහ කර ගැනීමට කෙතරම් ප්‍රයත්න දැරුවද එය සාර්ථක නොවීය. රාමා වෙත තිබූ සෙනෙහස නිසාම සිතා වැරහැලි ඇඳගෙන නිරාහාරව රාමා පතාගෙන දිවි ගෙවා ඇත. අවසන හනුමන්ගේ උපකාර ඇතිව රාම කුමරුට සීතා දේවිය බේරා ගැනීමට හැකි වන්නේ ඔවුන් දෙදෙනා තුළ
තිබූ ප්‍රේමයේ මහිමය නිසාවෙනි.
රාමා සිතා පෙම් පුවතද භාරතීය සාහිත්‍යයේ එන ඉතා රසවත් පෙම් පුවතකි. ලංකේශ්වර රාවණා රජු සීතා දේවිය පැහැර ගත් පසුවත් ඇය තම සැමියා නමින් පතිවෘතා දහමෙහි පිහිටියාය. රාවණ රජු ඇය විවාහ කර ගැනීමට කෙතරම් ප්‍රයත්න දැරුවද එය සාර්ථක නොවීය. රාමා වෙත තිබූ සෙනෙහස නිසාම සිතා වැරහැලි ඇඳගෙන නිරාහාරව රාමා පතාගෙන දිවි ගෙවා ඇත. අවසන හනුමන්ගේ උපකාර ඇතිව රාම කුමරුට සීතා දේවිය බේරා ගැනීමට හැකි වන්නේ ඔවුන් දෙදෙනා තුළ
තිබූ ප්‍රේමයේ මහිමය නිසාවෙනි.
ඉන්දියාවේ ටජ්මහල් මන්දිරය ෂා ජහන් අධිරාජ්‍යයා තමා අතිශයින්
ආදරය කළ මුම්ටාස් දේවියගේ මරණයෙන් පසුව ඇය වෙනුවෙන්
ඉදිකළ අද්විතීය සිහිවටනයයි. යමුනා නදී තිරයේ දර්ශනීය පරිසරයක
මෙම සිහිවටනය ඉදිකර ඇත.
(ටජ්මහල්)
ලාංකීය ඉතිහාසය පුරාවට ප්‍රේමයෙන් බැඳුන පෙම්වතුන් බොහෝය.
දුටුගැමුණු රජුගේ පුත් සාලිය කුමරු චණ්ඩාල කුළයේ අශෝකමාලාට
පෙම් බැන්දේය. ප්‍රේමයත් රජකමත් අතර අතරමං වූ කුමරු රජසැප හැර
ප්‍රේමය තෝරා ගැනීමට තරම් නිර්භීත විය. මේ උතුම් ප්‍රේමය අදටත් අප
ඉදිරියේ නොසැලී පවතින්නට ඉසුරුමුණි පෙම් යුවළ ලෙසින් කැටයම්ව
ඇත.
අසම්මත ප්‍රේමයක් ලෙසින් ඉතිහාසයට එක්වන දස්කොන්-ප්‍රමිලා පෙම්
පුවත අසන්නන්ගේ හද සසල කරවන්නකි. ශ්‍රී වික්‍රම පරාක්‍රම
නරේන්ද්‍රසිංහ රජතුමාගේ අග බිසව වූ ප්‍රමිලාට විවාහ ජීවිතයේ කිසිදු
සතුටක් නොවිය. රජතුමා මතට ලොල්ව වෙනත් ස්ත්‍රීන් සමග කල්
යැවීම එයට හේතුව වි ඇත. වයස අවුරුදු 17දී සිහසුනට පත් වුණු රජු
ජනප්‍රවාදයේ “සෙල්ලම් නිරිඳු” යන නමින් හඳුන්වන්නේද එබැවිනි.
කඩවසම් පෙනුමක් මෙන්ම ශෘංගාරාත්මක කවි කීමේ හැකියාවක් තිබූ
දස්කොන් මහා අධිකාරම රජ වාසලේ කාගේත් නෙත් සිත් පහර ගැනීමට
සමත් විය. රජතුමාගේ බිසෝවරු බොහෝ දෙනෙක් ඔහුට කැමැත්තෙන්
සිටියද ඔහුගේ හදවත සොරා ගැනීමට හැකි වුයේ ප්‍රමිලා ට පමණකි.
මොවුන් දෙදෙනාගේ ප්‍රේමය රජ මැදුරේ කාටත් රස රහසක් විය.
සක්මන් මළුවේදී ඉගි පාමින්, කවි හුවමාරු කර ගනිමින් දෙදෙනා
ප්‍රේමයේ ඉම සොයා ගියහ.
ප්‍රමිලා වෙනුවෙන් මාලිගාවේ පවත්වන්නට යෙදුන බලි තොවිල්
යාගයකදී ඇගේ රූපය අඹන්නට නියම විය. එම රූපයේ ඇයගේ සිරුරේ
රහස් තැනක තිබූ ලපයක් සනිටුහන් කර තිබීම නිසා රජු කෝපයට පත්
විය. බලි ඇදුරන්ගෙන් ඒ පිලිබඳ විමසූ රජුට දැනගන්නට ලැබුනේ එය
දස්කොන් මහ අදිකාරම්ගේ මැදිහත් වීමෙන් සිදු වූවක් බවයි. එබැවින්
දස්කොන් රාජ උදහසට ලක්ව මරණ දණ්ඩනයට නියම විය.
දස්කොන්ගේ මරණයෙන් පසුව ප්‍රමිලාද නියගලා අල කෑමෙන් මරණය
වැළඳ ගත්තාය. දස්කොන්-ප්‍රමිලා පෙම් පුවත අවසන් වුයේ එවන් වූ
ඛේදනීය ඉරණමක් උරුම කරගනිමිනි .
සක්මන් කරන මලුවේදී බැඳි හාද
සිත් සන්තොසින් දුන් මුව මී බීවාද
ඉක්මන් ගමන් අහෝ අද නුඹ යනවාද
දස්කොන් මගේ නමට ජිවිත දෙනවාද. . .
වීසැස් කමලාවී රණ පහස නොවිඳ මෙමා
දසිස් දුනි පොරණ ඇසු දුටු පමණට මා
වෙසෙස් නුඹේ අමයුරු පහස ලද මෙමා
මසිස් එකක් ගියේ නම් නුඹේ නමට තමා. . .
අතීතයේ පෙම්වතුන් මෙසේ වුවද වත්මන් තත්ත්වය හාත්පසින්ම වෙනස්
වී ඇත. බොහෝ පෙම් පුවත් කැටයමට, කවියට, ගීතයට, නව කතාවට
පමණක් නොව සිනමාවටද නැගී ඇත. එක් එක් කාලයන් තුළ තිබූ
ප්‍රේමය දක්ෂ කලාකරුවා තම කලාකෘති තුලින් ජීවමාන කළේය.
ඉසුරුමුණි පෙම් යුවළ කැටයමින් ප්‍රතීයමාන කර ඇත. කවිකම නිසාම
දස්කොන් ප්‍රමිලාට පෙම් බැන්දේය. විරාගයේ අරවින්ද, ගොළු හදවතේ
ධම්මි - සුගත් මෙන්ම ගුරු ගීතයේ දුයිෂෙන් - අල්තීනායි වැනි
පෙම්වතුන් සදාකාලිකවම අප සිත් තුළ ජිවත් වනු ඇත. ඔවුන්ට එකී ජීව
වායුව ලබා දුන්නේ කලාවයි.
(ගොළු හදවත)
( විරාගය )
ප්‍රේමයයි වෛරයි අතරේ වෙනස කෙස් ගහකට සමයි
බිඳුණ දා පූජාව ප්‍රේමයෙ ඔහුගේ ආගම වෛරයයි
මේ නිසාවෙන්ම තමන් හැරයන පෙම්වතියට පිහි පහර දෙමින් මරණය
උරුම කර දීමට තරම් වත්මන් පෙම්වතා පහත් මානසිකත්වයකින්
පෙළේ. ප්‍රේමය යනු හිමිකර ගැනීමකට වඩා පරිත්‍යාගයක් බව වත්මන්
පරපුරට ඒත්තු ගැන්විය යුතුය.
Good idea
ReplyDeletethanks
Delete❤️
ReplyDeleteඉතාම වටිනා කරුණු රැසකි
ReplyDelete