අහිමිව ගිය නුඹේ නමට
දිවියෙ මං තලාවේ සිටින සඳ තනි වෙලා
එළිය දුන්නේ නුඹයි ඉරක් සේ පායලා
ඒත් එක් පෝ දිනක වෙන සඳක් පායලා
මගේ හිරුගේ එළිය මගෙන් හොරකම් කළා . . . .
අමාවක වගේ අද මගේ ලොව අඳුරු විය
නුඹේ සඳ සමග නුඹ හිනැහුණා අහසෙ හිඳ
පොළවෙ හිඳිනා මෙමට අහස නුඹ දුර වැඩිය
මගේ කඳුළු නුඹ අරන් වැහි දියන් මිහිකතට . . .
.
No comments:
Post a Comment