ෆේස්බුක් සහ වත්මන් තරුණ
පරපුර
මාර්ක් සකර්බර්ග් විසින්
ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මිතුරන් අතර තොරතුරු හුවමාරු කරගැනීමට නිර්මාණය
කරන ලද ෆේස්බුක් හෙවත් මුහුණු පොත තාරුණ්‍යයේ
සයිබර් නවාතැන්පොළ බවට පත්ව ඇත. මේ වනවිට ලොව පුරා මිලියන ගණනක් ෆේස්බුක්
ගිණුම් මගින් හිත මිතුරු සබඳතා ඇති කර ගෙන සිටිති. මුළු ලොවම විශ්ව ගම්මානයක් බවට
පත්කළ තාක්ෂණයේ U tern එකක් එසේ නැතිනම්
හැරවුම් ලක්ෂයක් බවට ෆේස්බුක් පත්ව තිබේ.
මෙහි යහපත් මෙන්ම අයහපත් ප්‍රතිඵලද
බොහෝය. වත්මන් තරුණ ජිවිත ගණනාවක් අකාලයේ නාස්ති වීමට තරම් ෆේස්බුක් සමාජ පිළිලයක්
බවට පත්ව තිබේ. එක් අතකින් එය ප්‍රබල සන්නිවේදකයෙකි.
මිට දින කිහිපයකට පෙර
සිදු වූ ගංවතුර නිසා ආපදාවට පත් ජනතාවට
පිහිටක් වීමේදී ෆේස්බුක් මගින් ගෙන ගිය ප්‍රචාරයන් ඉමහත් ශක්තියක් වූවාට සැක නැත.
තවත් අතකින් එය දැනුම් කෝෂ්ටාගාරයකි. අලුත් දේවල් පිළිබඳ මෙන්ම සම කාලීන සමාජ සන්දර්භය පිළිබඳව ද
තොරතුරු සපයන්නෙකි. මෙකී නොකී බොහෝ හොඳ නරක දෙකම මුහුණු පොත තුළ වේ. වැරැද්ද
තාක්ෂණයේ නොව එය භාවිත කරන පිළිවෙළය. වත්මන් තරුණ පරපුරට ෆේස්බුක් නැතිවම බැරිය.
මීට දශක කිහිපයකට පෙර වැඩිහිටි පරම්පරාවක් සහ තරුණ පරම්පරාවක් අතර පැහැදිලි වෙනසක් දැකගත
හැකිය. වැඩිහිටියන් දෙදෙනෙකු මුණ ගැසුණ විට සිනාසී සුහදව ආගිය තොරතුරු කතාබහ කරති. එහෙත් තරුණයන් දෙදෙනෙකු මුණ ගැසුණහොත්
ඔවුන් සයිබර් ලෝකයේ ඉබාගාතේ සැරිසරනවා විනා
තමන් අසල සිටින්නේ කව්රුන්ද යන්නවත් නොබලයි. මෙලෙස පරම්පරා දෙකක මහා විපර්යාසයකට
හේතු වී ඇත්තේ තාක්ෂණයේ අමිහිරි ප්‍රතිඵලයන්ය.
ෆේස්බුක් නිර්මාතෘවන
මාර්ක් සකර්බර්ග් සෑම සතියකට වරක් අලුත් පොතක් කියවීම මගින් විවිධ සංස්කෘතීන්, විශ්වාසයන්,
ඉතිහාසය සහ තාක්ෂණය පිලිබඳ තම දැනුම පුළුල් කර ගැනීමට උත්සාහ දරයි. එහෙත් අප ඔහු
බිහිකළ මුහුණු පොතට යට වී අපගේ වටිනා කාලය අපතේ යවමින් කල් මරති.
ෆේස්බුක් නිසාවෙන් ජිවිත
කීයක් නම් අකාලයේ විනාශ වනවාද? මෑතකදී දුම්මලසුරිය ප්‍රදේශයේ තරුණයෙකු රැවටූ
කාන්තාව උදාහරණයක් ලෙස පෙන්වා දිය හැකිය. තමන් වෛද්‍යවරියක් බවට පවසා ෆේස්බුක්
මගින් හිතවත්කමක් ඇති කරගත් මොවුන් දෙදෙනා එය විවාහය තරම් දුරට ගෙන ගියහ. එහෙත්
මෙම කාන්තාවගේ ක්‍රියා කලාපය පිලිබඳ තරුණයා තුළ මතු වූ සැකය මත එම කාන්තාව
අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි. මෙවැනි සිදුවීම් වත්මන් සමාජය තුළ සුලබව අසන්නට
දකින්නට ලැබේ.
ෆේස්බුක් මගින් මුදල්
ජාවාරම්වල නිරතවන පිරිස්ද බොහෝය. ඒ නිසාම එය
මිනිසාගේ දුක අලෙවි කරන වෙළඳපොළක් බවට පත්ව තිබේ. සමාජය වෙනුවෙන් හඬක්
නැගීම හෝ සදාචාරයට පණ පෙවීම like, commentවලට පමණක් සිමා වී තිබේ.
සැබෑ ලෙසම සිතා බැලුවහොත් අප ෆේස්බුක් සඳහා වැය කරන කාලය සහ මුදල් වෙනත් ඵලදායි
වැඩකට යොමු කළේ නම් අපට දැනුමින් පෝෂණය වීමට හැකියාවක් ඇත.
හුදකලාව සහ අලසකමට ප්‍රියකළ
බටහිර ජාතිකයන් නව සොයාගැනීම් මගින් තම ජිවිතයේ කටයුතු පහසු කර ගැනීමට සිය මොලය
වෙහෙසවීය. එහි ප්‍රතිඵලයක් ලෙස විවිධ වූ නිපදවීම් මගින් තම කටයුතු පහසු කර ගැනීමට ඔවුන්ට
හැකියාව ලැබිණි. එහෙත් සාමුහිකත්වයට ප්‍රියකළ ආසියාතික ජනයා සිය දෛනික කටයුතු
සහයෝගයෙන් සිදු කළහ. ෆේස්බුක් ද එසේම
හුදෙකලාවට ප්‍රිය කරන්නන්ගේ නවාතැන්පලක් බවට
පත්ව තිබේ. දැන හෝ නොදැන මෙයට ඇබ්බැහිවන තරුණ පරපුර තම වටිනා ජිවිත අගාධයකට ඇදගෙන
යමින් සිටිති. යතාර්ථයෙන් ඔබ්බට ගොස් අඳුරේ අතපත ගාමින් ජිවිතයේ සැබෑ අරුත සොයමින්
සිටින තරුණ පරපුරක් හිමි රටක අනාගතය කෙසේ වේවිද?
තාක්ෂණය සමඟ ඉදිරියට
ගමන් කළයුතු බව සැබෑවකි. එසේ නොමැති
වුවහොත් ළිං මැඩියන් ලෙස කල්ගත
කිරීමට වනබව ඔබට සිතෙන්නට පුළුවන. එහෙත් තාක්ෂණය යහපත් ඵලදායි අරමුණක් වෙනුවෙන්
යෙදවිය යුතුය. එසේ නොමැති වුවහොත් හිත්පිත් නැති රොබෝවරු මෙන්ම මිනිසාද යාන්ත්‍රික
ජීවියෙකු වීමට ඉඩ ඇත. එබැවින් මුහුණුපොතට වී ජීවිතය නිකරුණේ දියකර හරින්නේ නැතිව සෑම
මිනිත්තුවකදීම ජිවිතයට හරවත් දෙයක් එක්කර ගැනීමට වෑයම් කළ යුතුය.
විජිතා ජයතුංග
No comments:
Post a Comment