වත්මන් කාන්තා පරපුර
"සැමියා බිරිඳගේ දෙවියාය"යනුවෙන් කියමනක් ඇත. දෙවියෙකු වන් සැමියෙකු ලබන කාන්තාවට දේවතාවියක මෙන් වාසය කළ
හැකිය. එහෙත් වර්තමානයේ කාන්තාවට හිමිව ඇති සමාජ තත්ත්වය එතරම් සුභවාදී නොවේ. මෙහි
වරද එකහෙලා පුරුෂ පක්ෂයට පැවරීම යුතු
නොවේ. මන්ද තමාට හිමි තත්ත්වය රැක ගැනීමට කාන්තාවගේ පක්ෂයෙන් ද කළ යුතු දෑ බොහෝය. පතිවෘතා
දහම රැකි කාන්තා චරිත බොහොමයක් සාහිත්‍ය තුළ වේ. එම චරිත ඇසුරින් කාන්තාවන්ට ලබා
ගත හැකි ආදර්ශ බොහෝය. ඒ අතරින් යශෝදරා චරිතය පිළිබඳ කතා නොකරම බැරිය.
කුළුදුල් දරුවා උපන්
මොහොතේම තමන් හැරයන සැමියෙකුට සමාවක් දිය හැකිද. . .? එහෙත් යශෝදරාව තනිවම එම දුක
විඳ දරා ගත්තාය. මා මෙයින් කීමට උත්සාහ ගන්නේ බිරිඳ හැරයන පිරිමින් බෝධිසත්වයන්
කියා නොවේ. එහෙත් බිරිඳක් තම ස්වාමියා කෙරෙහි බැඳුණ ප්‍රේමයෙන් ඔහු කෙරේ පතිවෘතා
දහම රැක දිවි ගෙවන්නේ නම් කෙදිනක හෝ එම පිරිමියාට කාන්තාවගේ අගය වැටහෙනු ඇත.
කාන්තාවක් නම් ඇයට මහී කාන්තාව සේ දරා ගැනීමේ ශක්තියක් තිබිය යුතුය. ලොව සෑම තැනකම
කුණු රොඩු මෙන්ම අලංකාර උයන් වතුද මිහිකත තුළ පවතී. එමෙන්ම ගත සීත සනහන සිසිල් දිය
දහරා මෙන්ම රුදුරු ගිනි කඳුද දරා සිටිනුයේ ලොව නිය දහමට මුල් තැන දෙමිනි. කාන්තාවද
එසේ විය යුතුය.
කන්නගී හැර වෙනත්
කාන්තාවක් වෙත ගිය කෝවලන් නැවත භාර ගැනීමට තරම් ඇය සැළමුතු පෙමකින් යුක්ත වූවාය.
තම පතිවෘතා දහම පෙන්වමින් පඬි රට ගිනි තැබීමට තරම්ම එයට මහා බලයක් තිබුණි. වත්මන්
සමාජයේ කාන්තාව සුරක්ෂිත වීමට අත්‍යවශ්‍යම කරුණක් වන්නේද කාන්තාව සතු පතිවෘතා
දහමයි. එකම පිරිමියෙකු පතාගෙන ඔහු
වෙනුවෙන් මුළු ජිවිතයම කැප කරන කාන්තාවට ජීවිතය වරදින්නට ඉඩක් ඇත. එවැනි උතුම්
මවකගේ කුසින් බිහිවන දරියක්ද මව මෙන්ම උතුම් වන්නේය.
සීතා දේවිය පැහැරගත්
රවණා රජු ඇය විවාහ කර ගැනීමට කෙතරම් උත්සාහ දැරුවද එය සාර්ථක නොවිය. ඇය තම
සැමියාගේ නමින් පතිවෘතා දහමෙහි පිහිටියා විනා රාවණාගේ පහස පැතුවේ නැත. වර්තමානයෙහි
මෙවන් කාන්තා චරිත සිටින්නේදැයි නොදනිමි. මන්ද බැලූ බැලූ අත අසන්නට දකින්නට ලැබෙන
දේවල් එතරම් සුන්දර නැත. අනියම් පෙම් හබ නිසාසිය ජිවිතයෙන් වන්දි ගෙවන කාන්තාවන්
බොහෝය. දස මසක් කුස තුළ දරා සිට මෙලොවට බිහිකරන කිරිකැටියන් මහා මගට විසිකර දැමීමට
තරම් මාතෘත්වය පහතට වැටි ඇත. එපමණක්ද නොව මව්වරු විදෙස්ගත වීම නිසා පියවරුන් සමග
යහන්ගත වීමට සිදුවන අහිංසක දියණිවරුද අපමණය.
මේ සියල්ලටම මුල් වන්නේ
විවාහ ජිවිතයේ ඇති අසමබර බවයි. සාර්ථක
විවාහ දිවියක් ගත කිරීමේදී භාර්යාව සතු වගකීම අති මහත්ය. ස්වාමියා හා දරුවන් යහ
මගට ගැනීමේ භාරදූර කාර්යය පැවරෙන්නේද කාන්තාවටය. එනම් බිරිඳටය. ඇය යහපත් බිරිඳක්, මවක්
ලෙස ගුණ දහමින් පෝෂණය වී සිටිය යුතුය. බුදු දහමට අනුව “දේවෝ
දෙවියා සද්ධිං සංවසති” යනුවෙන්
දෙවියෙක් දෙවඟනක් හා සමග වාසය කරන පරිද්දෙන් ගුණ ධර්මවලින් පිරිපුන්ව දිවි ගෙවන්නේ
නම් ඔවුන්ගෙන් සමාජයට යහපතක් මිසක අයහපතක් සිදු නොවේ. එවැනි සමාජයක් තුළ කාන්තා
සුරක්ෂිතතාවයද නිසැකවම සිදුවනු ඇත.
lassanai
ReplyDeletelassanai
ReplyDelete